Saturday, May 11, 2024

නිරුවතින් නිදාගෙන තියෙනවද, මෙන්න වාසි

 


විදේශීය ජාතින් බොහෝ වෙලාවට රාත්‍රී නින්දේදී නිරුවතින් නිදාගන්න පුරුදු වෙලා තිබෙනවා.නමුත් ලංකාව වැනි රටවල එලෙස නිදාගැනීම එතරම් ප්‍රචලිත නැහැ.නමුත් ඔබ දන්නවාද නිරුවතින් නිදා ගැනීම නිසා ලැබෙන ප්‍රතිලාභ මොන තරම්ද කියලා.මේ ඒ ගැන ලිපියක්.

එය ඉතා පහසුදායකයි..

ඇදුම් එක්කම නිදාගන්න එක සමහරක් කාල වලට අපහසු කරුනකි. නිදාගැනීමටම විශේෂ වූ පිජාමා වැනි ඇදුම් ගැනීමටද මුදල් වියදම් වේ. නමුත් නිරුවත්ව නින්දට යන එක සෑම අතින්ම වාසිදායක වේ.

ඒකාකාරී ජීවිතයට වෙනසක් ලැබේ.

ඔබ මුලු දවසෙම රැකියාව හෝ වෙනත් වෘර්තියක නියැලෙන කෙනෙක් නම්, නිවසට පැමින නින්දට යන්නෙත් ඇදුම් සහිතව නම්, එම ජීවිත දෙකේ වෙනසක් නොමැත. අඩුම තරමේ රාත්‍රියේවත් නිරුවත්ව නිදා ගැනීමෙන් එකාකාරී බවින් මිදිය හැකිය.

 

එමගින් ඔබව සතුටින් හා නිදහසේ තබයි...

 

හිතලා බලන්න ඔබ කිසිම දෙයක් අදින්නේ නැතිව ඇදේ වැතිරිලා ඉන්න එක ගැන. එමගින් ජීවිතයේ දැනෙන හොදම නිදහස් හැගීමක් දැනෙයි. එය මනසික ආතතිය අඩු කිරීමටද හේතු වේ.



ශරීර ස්පර්ෂය හොදින් විදගත හැකිය...

ඔබ විවාහ වී සිටින යුවලක් නම්, ඔබ නින්දට යන්නේ ඇදුම් සහිතව නම්, එවිට වැඩි ශරීර ස්පර්ෂයක් ඔබ දෙදෙනා අතර දැනෙන්නේ නැත. නමුත් නිරුවත්ව නින්දට යෑමෙන් නින්දේදී ඉතා හොද ශරීර සම්බන්ධතාවක් ලබා ගත හැකි වේ. 

එය ඉතා හොද නින්දකට පාර කියයි... 

සමහර අයට නින්ද නොයෑමේ ගැටලු පවතී. බොහෝ විට ඊට හේතු වන්නේ ඔවුන්ගේ මානසික ගැටලුය.නමුත් නිරුවත්ව නිදාගැනීමේදී ලැබෙන ශාරීරික පහසුව, එම සියලු ගැටලු ඉක්මවා යයි. එමගින් ඉතා සුවපහසු හොද නින්දකට ඉක්මනින් පෙලබිය හැකි වේ.

 එය ඔබේ සමට හිතකරය... 

ඔබ නින්දේදී හුස්ම ගන්නා විට ඔබේ ශරීරයේ ඇතැම් කොටස් රෙදි වලින් වැසී පවතී. එය ශරීරයට එතරම් හොද දෙයක් නොවේ. නමුත් නිරුවත්ව නිදාගන්නා විට, ශරීරයේ සෑම තැනකම උෂ්ණත්වය සමාන වේ. එය ඔබේ සමට ඉතා හොද දෙයකි. 

එය ඔබ ශරීරයේ cortisol පාලනය කිරීමට උදව් වේ...



පියයුරු ලොකුකරගන්න ආසයිනම් දැන්ම බලන්න

 

පිරිමි කෙනෙක් මීට කලින් දැකලා නැති ගැහැණු කෙනෙක්ව දකිද්දී ගොඩක් වෙලාවට මූණ දිහා බලන්නත් කලින් පිරිමින්ගේ ඇස් යන්නේ ගැහැණු කෙනාගේ පියයුරු වලට. මේක කියවන ඔයා පිරිමි කෙනෙක් නම් අත්දැකීමෙන්ම දන්නවා ඇති ඔයාගේ ඇස් දෙක නිකන්ම ඒ දිහාවට යනවා.

තමන්ගේ ඇඟේ හැඩය ගැන ගැහැණු අය කොහොමත් වද වෙන හින්දා තමන්ගේ පියයුරු වල හැඩය, ප්‍රමාණය ගැන ගොඩක් දෙනා හිතනවා. ඔයත් පියයුරු කුඩා හින්දා අපහසුවෙන් ඉන්න කෙනෙක් නම් හෝ පියයුරු ලොකු කර ගන්න එක ගැන හිතනවා නම් මේ පෝස්ට් එක ඔයාට.

පියයුරු වල මූලිකම කාර්ය වෙන මව් කිරි දෙන එකට අමතරව ගැහැණු කෙනෙක්ගේ ආත්ම විශ්වාසය වැඩි කරන්නත් පියයුරු ගොඩක් දායක වෙනවා.පියයුරක් ඇතුලේ වැඩියෙන්ම තියෙන්නේ මේද තට්ටුවක්, ඊට අමතරව මව් කිරි සඳහා ඇති නාල, ග්‍රන්ථි වගේ තව දේවල් ටිකකුත් තියෙනවා.ජානමය ලක්ෂණහෝමෝන වල බලපෑමමව් කිරි දීම වගේ දේවල් අයින් කලාම පියයුරු වල ප්‍රමාණය තීරණය කරන්නේ මේ මේද තට්ටුවෙන්.එතකොට පියයුරු වල ප්‍රමාණය වැඩි කරන්න නම් කරන්න පුළුවන් දෙයක් තමා ඇඟේ බර වැඩි කරගෙන ඇඟේ තියෙන මේදය ප්‍රමාණය වැඩි කර ගන්න එක.පියයුරු ලොකු කර ගන්න හිතාගෙන ඇඟේ බර වැඩි කර ගන්න හැදුවටවැඩියෙන් ඇඟට එකතු වෙන මේදය තැන්පත් කරන්නේ මොන මොන තැන් වලද කියන එක තීරණය කරන්නේ ඇඟ. ඒ හින්දම අපිට ඕන ඕන තැන් ලොකු කර ගන්න බෑ. සමහර විට ඉස්සෙල්ලම මේදය බඩේ තැන්පත් වෙලා බඩ වැඩි වෙලා ඊට පස්සේ පියයුරු ලොකු වෙන්නත් පුළුවන්.

අවාසනාවට ඇඟේ අනිත් දේවල් විශාල නොවී පියයුරු විතරක් වැඩි කර ගන්න එක කරන්න බැහැ.Facebook, Instagram වල එහෙම සමහර විට දකිනවා ඇති ඉන හරිම කෙට්ටුවට තියෙන හැබැයි පියයුරු විතරක් හරිම ලොකුවට තියෙන අයගේ ෆොටෝ. ගොඩක් වෙලාවට ඒවා ලොකු කරලා තියෙන්නේ.ඒ වගේ ගොඩක් ෆොටෝ ඇත්ත නෙමේ. මොකද ඇඟ කෙට්ටු වෙද්දී ඇඟේ තියෙන මේදය ප්‍රමාණය අඩු වෙනවා. පියයුරු ලොකුවට හැදිලා තියෙන්නෙත් ඇඟේ තියෙන මේදය වලින්ම තමයි. ඉතින් කෙට්ටු වෙලා ඇඟේ තියෙන මේදය ප්‍රමාණය අඩු වුනාම පියයුරු ලොකු වෙන්න කොහෙන්ද මේදයඉතින් ෆොටෝ වල දකින ඒ වගේ පියයුරු ස්වභාවික නැහැ.ඔයාත් ඒ කෙනෙක්ගේ වගේ ඇඟක් ගැන හීන මවනවා නම් ඉස්සෙල්ල කරන්න පුළුවන් දේවල් ගැන විතරක් බලාපොරොත්තු (realistic expectation) ඇති කර ගන්න.ඇඟේ තියෙන මේදය ප්‍රමාණය වැඩි කරලා පියයුරු ලොකු කර ගන්න එකට අමතරව දිගු කාලීන විසඳුමක් විදියට ශල්‍යකර්මයක් කරලත් පියයුරු ලොකු කර ගන්න පුළුවන්.



වැඩියෙන්ම පාවිච්චි කරන ක්‍රමය තමයි breast implant කියන්නේ. මේකෙදි කරන්නේ සේලයින් හරි සිලිකන් වලින් හදපු කෘතීම දෙයක් පියයුරු ඇතුලට රඳවන එක. තමන්ට ගැළපෙන ප්‍රමාණයෙන් පියයුර ලොකු කර ගන්න පුළුවන්. ඒ වගේම ඕන තරම් ලොකු කර ගන්නත් පුළුවන්.ඒ වගේම පියයුරු විශාල කරන්න තවත් ක්‍රමයක් තියෙනවාඒ තමා ඇඟේ වෙන තැනකින් ගන්න මේද කොටස් පියයුරු ඇතුළට ඇතුල් කිරීම. මේකෙන් පියයුරු ගොඩක් ලොකු කර ගන්න බැහැ. හැබැයි පියයුරු ටිකක් ලොකු කර ගන්න ඕන කෙනෙක්ට මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්.මේ ශල්‍යකර්ම වලින් පියයුරු ලොකු කරන ක්‍රම දෙකෙන්ම කැළලක් හිටිනවා. ඒත් එක පිටතට පෙන්නේ නැති වෙන්න කරන්න පුළුවන්. පියයුරේ යට පැත්තෙන් හරි තන පුඩුව වටේ තියෙන අඳුරු කොටසෙන් හරි කිහිල්ලෙන් හරි කැපුමක් කරලා තමයි මේක කරන්නේ. ඒ හින්දා මේක නිසා ඇති වෙන කැළල පිටට පෙන්නේ නැහැ.breast implant එකක කලාතුරකින් සමහර අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්ඒත් හැමෝටම ඇති වෙන්නේ නැහැ.මේක කලාට පස්සේ මුල් කාලේ ඇති වෙන්න පුළුවන් ලොකුම ප්‍රශ්නේ තමයි implant එකට විසබීජ යන්න ඉඩ තියෙනවා. සමහර වෙලාවට ප්‍රතිජීවක ඖෂධ වලින් පාලනය කර ගන්න පුළුවන්. එහෙම කරලත් පාලනය කර ගන්න බැරි වුනොත් implant එක අයින් කරන්න වෙනවා.දිගුකාලීනව බැලුවොත් implant එක වටේට ඇඟෙන් හැදෙනවා කැප්සියුල් එකක්. ඒක හරියට පටක වලින් හැදෙන කොපුවක් වගේ. සමහර වෙලාවට මේ කැප්සියුල් එක පොඩි වෙලා implant එකේ හැඩය වෙනස් වෙන්න පුළුවන්. එහෙම දෙයක් වුනොත් පියයුර ඇද වෙලා වගේ පේන්න ගන්නවා. ඒ වගේ දෙයක් වුනොත් ආපහු ශල්‍යකර්මය කරලා හදන්න ඕනා.ඊට අමතරව තවත් අතුරු ආබාධ ඇති වුනොත් ගොඩක් වෙලාවට implant එක අයින් කරාම ඒ ප්‍රශ්න නැති වෙනවා.


කලින් කිව්වා වගේ හැමෝටම මේ දේවල් ඇති වෙන්නේ නැහැ. කලාතුරකින් කෙනෙක්ට තමයි ඒවා වෙන්නේ.තමන්ගේ පෙනුම ගැන හිතලා පියයුරු විශාල කර ගන්න ඕනා නම් රජයේ රෝහල් වල ඒක කරන්නේ නැහැ. හැබැයි උපතින් ඇති වෙලා තියෙන ආබාධයක් හින්දා හරි වෙනත් ශල්‍යකර්මයක ප්‍රතිඵලයක් හින්දා හරි පියයුරුවල අසාමාන්‍යතාවක් ඇති උනා නම් වගේ වෙලාවක රජයේ රෝහල් වලින් මේක කර ගන්න පුළුවන්.ඊට අමතරව පෞද්ගලික රෝහලකින් මේක කර ගන්න පුළුවන්. හැබැයි ලක්ෂ කීපයක් වියදම් කරන්න වෙනවා.ඒ වගේම අන්තර්ජාලයේ ඕන තරම් දැකලා ඇති පියයුරු ලොකු කර ගන්න නම් මේ ව්‍යායාම කරන්න, මේ දේවල් ගාන්න, මේ බෙහෙත් බොන්න වගේ එක එක කතා, හැබැයි ඇත්තටම් ඒ දේවල් වලින් කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒ කියන විදියේ පියයුරු ලොකු කර ගන්න පුළුවන් මැජික් ක්‍රම නැහැ.හැබැයි පපු ප්‍රදේශය ඉලක්ක කරලා කරන ව්‍යායාම වලින් පියයුරු වලට පහලින් තියෙන Pectoralis muscle ශක්තිමත් කරන්න පුළුවන්. පියයුරු වලට යටින් තියෙන මාංශපේශි ශක්තිමත්ව තියෙනවා නම් පියයුරු පිරිලා, ඉස්සරහට නෙරලා ඇවිල්ල තියෙනවා වගේ පෙන්නන්න පුළුවන්. ඒත් එහෙම කළා කියලත් ප්‍රමාණයේ ලොකු වැඩි වීමක් කර ගන්න බැහැ. මොකද පියයුරු ඇතුලේ තියෙන්නේ මේදය මිසක් මාංශපේශි නෙමේ.තවත් පියයුරු ලොකුවට පෙන්නන්න කරන්න පුළුවන් දෙයක් තමයි push up බ්‍රා එකක් අඳින්න. පියයුරු හොඳට උස්සලා, රවුම් හැඩයෙන් තියන්න push up බ්‍රා එකකට පුළුවන්. හරියට ඇඳ ගත්තොත් අපහසුවක් නැතුව ඇඳගෙන ඉන්නත් පුළුවන්.ඒ වගේම තමන් අඳින ඇඳුම් වලිනුත් පියයුරු වල ප්‍රමාණය වැඩි කරලා පෙන්නන්න පුළුවන්. V කර තියෙන ඇඳුම් වගේ දේවල් වලින් පියයුරු වල ප්‍රමාණය වැඩි කරලා පෙන්නන්න පුළුවන්. පෑඩ් තියෙන බ්‍රා අඳින්නත් පුළුවන්. එහෙම නැත්නම් බ්‍රා එක ඇඳලා බ්‍රා පෑඩ් එකක් ඇතුළට දාගෙනත් පියයුරු වල ප්‍රමාණය වැඩියෙන් පිටතට පෙන්නන්න පුළුවන්.

අවසානේ මතක තියා ගන්න පියයුරු වල ප්‍රමාණය කියන්නේ ඔයාගේ එක දෙයක් විතරයි. ඒක ගැන හිතලා දුක් වෙන්න වත් තමන්ගේ ආත්ම විශ්වාසය නැති කර ගන්න වත් එපා. ඒකට හොඳම උදාහරණය තමයි වොන්ඩර් වුමන් ට රඟපාන, Gal Gadot.Gal Gadot ගේ පියයුරු පොඩි උනත්, මුළු ලෝකෙම ඉන්න මිනිස්සු එයාට ආදරේ කරනවා, එයාගේ පියයුරු පොඩියි කියන එක මිනිස්සුන්ගේ ඒ ආදරේට අදාළම නෑ.

(උපුටා ගැනීමක්)





Friday, May 10, 2024

ඩයනා ගමගේගේ මන්ත‍්‍රී ධුරය අහෝසියි.ඇමතිකමත් ඉවරයි. රටින් පිටවීමත් තහනම් කරයි.

 

dayana gamage

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. බ්‍රිතාන්‍ය පුරවැසියෙකුව හිඳිමින්  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් දැරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා පිළිගනිමින් ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කලේය. සමාජ ක්‍රියාකාරකු වෙන ඕෂල හේරත් මහතා විසින් ගොනු කරන ලද පෙත්සමක් සලකමින් මෙම තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රකාශ කල අතර හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට රටින් පිටවීම තහනම් කරමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.


dayana gamage

dayana gamage

dayana gamage