පිරිමි කෙනෙක්
මීට කලින් දැකලා නැති ගැහැණු කෙනෙක්ව දකිද්දී ගොඩක් වෙලාවට මූණ දිහා බලන්නත් කලින්
පිරිමින්ගේ ඇස් යන්නේ ගැහැණු කෙනාගේ පියයුරු වලට. මේක කියවන ඔයා පිරිමි කෙනෙක් නම්
අත්දැකීමෙන්ම දන්නවා ඇති ඔයාගේ ඇස් දෙක නිකන්ම ඒ දිහාවට යනවා.
තමන්ගේ ඇඟේ
හැඩය ගැන ගැහැණු අය කොහොමත් වද වෙන හින්දා තමන්ගේ පියයුරු වල හැඩය, ප්‍රමාණය ගැන ගොඩක්
දෙනා හිතනවා. ඔයත් පියයුරු කුඩා හින්දා අපහසුවෙන් ඉන්න කෙනෙක් නම් හෝ පියයුරු ලොකු
කර ගන්න එක ගැන හිතනවා නම් මේ පෝස්ට් එක ඔයාට.
පියයුරු වල
මූලිකම කාර්ය වෙන මව් කිරි දෙන එකට අමතරව ගැහැණු කෙනෙක්ගේ ආත්ම විශ්වාසය වැඩි
කරන්නත් පියයුරු ගොඩක් දායක වෙනවා.
අවාසනාවට ඇඟේ
අනිත් දේවල් විශාල නොවී පියයුරු විතරක් වැඩි කර ගන්න එක කරන්න බැහැ.
වැඩියෙන්ම
පාවිච්චි කරන ක්‍රමය තමයි breast implant කියන්නේ. මේකෙදි කරන්නේ සේලයින් හරි සිලිකන්
වලින් හදපු කෘතීම දෙයක් පියයුරු ඇතුලට රඳවන එක. තමන්ට ගැළපෙන ප්‍රමාණයෙන් පියයුර
ලොකු කර ගන්න පුළුවන්. ඒ වගේම ඕන තරම් ලොකු කර ගන්නත් පුළුවන්.
කලින් කිව්වා වගේ හැමෝටම මේ දේවල් ඇති වෙන්නේ නැහැ. කලාතුරකින් කෙනෙක්ට තමයි ඒවා වෙන්නේ.තමන්ගේ පෙනුම ගැන හිතලා පියයුරු විශාල කර ගන්න ඕනා නම් රජයේ රෝහල් වල ඒක කරන්නේ නැහැ. හැබැයි උපතින් ඇති වෙලා තියෙන ආබාධයක් හින්දා හරි වෙනත් ශල්‍යකර්මයක ප්‍රතිඵලයක් හින්දා හරි පියයුරුවල අසාමාන්‍යතාවක් ඇති උනා නම් වගේ වෙලාවක රජයේ රෝහල් වලින් මේක කර ගන්න පුළුවන්.ඊට අමතරව පෞද්ගලික රෝහලකින් මේක කර ගන්න පුළුවන්. හැබැයි ලක්ෂ කීපයක් වියදම් කරන්න වෙනවා.ඒ වගේම අන්තර්ජාලයේ ඕන තරම් දැකලා ඇති පියයුරු ලොකු කර ගන්න නම් මේ ව්‍යායාම කරන්න, මේ දේවල් ගාන්න, මේ බෙහෙත් බොන්න වගේ එක එක කතා, හැබැයි ඇත්තටම් ඒ දේවල් වලින් කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒ කියන විදියේ පියයුරු ලොකු කර ගන්න පුළුවන් මැජික් ක්‍රම නැහැ.හැබැයි පපු ප්‍රදේශය ඉලක්ක කරලා කරන ව්‍යායාම වලින් පියයුරු වලට පහලින් තියෙන Pectoralis muscle ශක්තිමත් කරන්න පුළුවන්. පියයුරු වලට යටින් තියෙන මාංශපේශි ශක්තිමත්ව තියෙනවා නම් පියයුරු පිරිලා, ඉස්සරහට නෙරලා ඇවිල්ල තියෙනවා වගේ පෙන්නන්න පුළුවන්. ඒත් එහෙම කළා කියලත් ප්‍රමාණයේ ලොකු වැඩි වීමක් කර ගන්න බැහැ. මොකද පියයුරු ඇතුලේ තියෙන්නේ මේදය මිසක් මාංශපේශි නෙමේ.තවත් පියයුරු ලොකුවට පෙන්නන්න කරන්න පුළුවන් දෙයක් තමයි push up බ්‍රා එකක් අඳින්න. පියයුරු හොඳට උස්සලා, රවුම් හැඩයෙන් තියන්න push up බ්‍රා එකකට පුළුවන්. හරියට ඇඳ ගත්තොත් අපහසුවක් නැතුව ඇඳගෙන ඉන්නත් පුළුවන්.ඒ වගේම තමන් අඳින ඇඳුම් වලිනුත් පියයුරු වල ප්‍රමාණය වැඩි කරලා පෙන්නන්න පුළුවන්. V කර තියෙන ඇඳුම් වගේ දේවල් වලින් පියයුරු වල ප්‍රමාණය වැඩි කරලා පෙන්නන්න පුළුවන්. පෑඩ් තියෙන බ්‍රා අඳින්නත් පුළුවන්. එහෙම නැත්නම් බ්‍රා එක ඇඳලා බ්‍රා පෑඩ් එකක් ඇතුළට දාගෙනත් පියයුරු වල ප්‍රමාණය වැඩියෙන් පිටතට පෙන්නන්න පුළුවන්.
අවසානේ මතක තියා ගන්න පියයුරු වල ප්‍රමාණය කියන්නේ ඔයාගේ එක දෙයක් විතරයි. ඒක ගැන හිතලා දුක් වෙන්න වත් තමන්ගේ ආත්ම විශ්වාසය නැති කර ගන්න වත් එපා. ඒකට හොඳම උදාහරණය තමයි වොන්ඩර් වුමන් ට රඟපාන, Gal Gadot.Gal Gadot ගේ පියයුරු පොඩි උනත්, මුළු ලෝකෙම ඉන්න මිනිස්සු එයාට ආදරේ කරනවා, එයාගේ පියයුරු පොඩියි කියන එක මිනිස්සුන්ගේ ඒ ආදරේට අදාළම නෑ.
(උපුටා
ගැනීමක්)
0 Comments